රජය බිත්තර සඳහා නව වැට් බදු පනවා නොමැති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කළා.
ඒ අද (09) පාර්ලිමේන්තුවේදී එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින්.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතාවට සහ නිෂ්පාදකයන්ට සහන ලබාදීමට රජය උත්සාහ කරමින් සිටින බවයි.
(colombotimes.lk)
