12 February 2026

logo

අසිත ප්‍රනාන්දු පළමු වරට හොඳම දසදෙනා අතරට



නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද (04) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළා.

ඒ අනුව කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිතිකරුවෙන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 25වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

ඒ නවතම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 11ක් ඉදිරියට පැමිණීමත් සමඟයි.

එමෙන්ම දිමුත් කරුණාරත්න 13වන ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර එංගලන්තයට එරෙහි 2වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දක්ෂතා දැක්වූ අසිත ප්‍රනාන්දු පළමු වරට ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු 10දෙනා අතරට පැමිණීමට සමත් වුණා.

ඒ අනුව ඔහු එම ශ්‍රේණිගත කිරීම්වල 8වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන්නේ ස්ථාන 9ක් ඉදිරියට පැමිණෙමින්.

ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට ටෙස්ට් පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 9 වන ස්ථානයේ සිට 13 වන ස්ථානය දක්වා පසුබැසීමට සිදු වී තිබෙනවා.


(colombotimes.lk)