කොළඹ කොටුව සිට අම්පාර බලා ධාවනය වූ අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් අද (24) අනතුරකට ලක්වී තිබෙනවා.
ඒ වැල්ලම්පිටිය අඹගහ හන්දිය ප්‍රදේශයේදීයි.
බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බස් රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.
බස් රථයට විශාල හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම බස් රථයේ රියදුරු කඩිනමින් රෝහල්ගත කර ඇති අතර අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
(colombotimes.lk)
