ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය අද (24) සිට ක්ෂේත්‍ර රාජකාරි සීමා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹී තිබෙනවා.
ඒ ග්‍රාම නිලධාරීන් සඳහා අනුමත කර ඇති ඉන්ධන දීමනාව ලබා නොදීමට විරෝධය පළ කරමින්.
සඳුදා දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණීමෙන් වැළකීම, මාසික කොට්ඨාස දින රැස්වීම් හැර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් කැඳවන අනෙකුත් සියලු රැස්වීම් ද වර්ජනය කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළා.
(colombotimes.lk)
