ඉරානයේ මිසයිල ප්‍රමාණය 90%කින් ද ඩ්‍රෝන යානා ප්‍රමාණය 95%කින් ද අඩු වී තිබෙන බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.
ඔහු කියා සිටියේ පසුගිය පෙබරවාරි 28වනදා සිට මේ දක්වා සතුරු ඉලක්ක 15,000කට වඩා ප්‍රහාර එල්ල කර තිබෙන බවයි.
දිනකට ඉලක්ක 1,000කට වඩා වැඩි ඉලක්ක ප්‍රමාණයක් සපුරා ගැනීමට හැකි වූ බව ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇමරිකා - ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරාන හමුදාව මේ වන විට දුර්වල වී තිබෙන බවයි.
(colombotimes.lk)
