13 June 2026

logo

ඉරානයේ ඉලක්ක 6000කට ප්‍රහාර එල්ල කරයි



ඉරානයට එරෙහිව ඇමරිකාව විසින් ක්‍රියාත්මක කර ඇති 'එපික් ෆියුරි' මෙහෙයුම යටතේ ඉරානයේ ඉලක්ක 6,000කට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා සඳහන් කළේ එම ප්‍රහාර මඟින් ඉරාන නෞකා 60කට ආසන්න ප්‍රමාණයක් සහ ‍යාත්‍රා 30ක් විනාශ කර තිබෙන බවයි. 

එමෙන්ම ප්‍රහාරයට ලක්කළ අනෙකුත් ඉලක්ක අතර ඉරාන හමුදා අණ මධ්‍යස්ථාන, අවි නිෂ්පාදන හා බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, සබ්මැරීන් සහ ගුවන් ආරක්ෂණ පද්ධති ඇතුළත් වන බවත් එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)