13 June 2026

logo

ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම කල් දමයි



ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අප්‍රේල් 6වනදා දක්වා දින 10කින් කල් දැමීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

 
සිය 'Truth' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරානය සමඟ සාකච්ජා අඛණ්ඩව පවත්වන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.
 
පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාරවලට ප්‍රහාර එල්ලකරන බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කර තිබුණා.
 
 කෙසේ වෙතත් පසුගිය 23වනදා ඔහු නිවේදනය කළේ මෙම ප්‍රහාර එල්ල කිරීම දින 5කින් කල් දමන බවයි.

(colombotimes.lk)