12 February 2026

logo

ඕස්ට්‍රේලියාව ස්කොට්ලන්තයට ක්‍රිකට් උගන්වයි



ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු T20 තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ (04) සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 154ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 4ක් පමණක් වැය කරමින් කඩුලු 3ක් දැවී සිටියදී තරගයේ ජය තහවුරු කරගත්තා.

එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ට්‍රැවිස් හෙඩ් ලකුණු 80ක් රැස් කළා.

(colombotimes.lk)