25 February 2025


අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමේදී බලධාරීන්ට නීතිමය ගැටලු



මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නැවත ගෙන්වා ගැනීමට රජය අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජතිස්ස ප්‍රකාශ කළා.

ඒ අද (25) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔහු කියා සිටියේ අර්ජුන මහේන්ද්‍රන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේදී බලධාරීන් යම් නීතිමය ගැටලුවලට මුහුණ දී ඇති බවයි.
 
(colombotimes.lk)