26 February 2025


අයවැය දෙවනවර කියවීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් මෙන්න



2025 වසර සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම අද (25) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 109කින් සම්මත වුණා.

එම ඡන්ද විමසීම පස්වරු 6.10ට පමණ සිදු වූ බවයි වාර්තා වන්නේ.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද 46ක් ප්‍රකාශ වී තිබෙනවා.

විදේශ අමාත්‍ය විජිත හේරත් ඇතුළු රජයේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටි බවයි වාර්තා වන්නේ.

මේ අතර විපක්ෂ මන්ත්‍රීවරයෙක් වන අඩෙයිකලනාදන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.









(colombotimes.lk)