26 February 2025


අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනපතිගෙන් විශේෂ උපදෙසක්



ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද (25) පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

එහිදී සීමිත මූල්‍ය රාමුව තුළ අමාත්‍යාංශ සඳහා වෙන් කළ ප්‍රතිපාදන කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස යොදවන ලෙස ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම සීමිත මූල්‍ය රාමුව තුළ වුවද ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවයි.

(colombotimes.lk)