26 February 2025


රුසියාවේ දුර්ලභ ඛණිජ සම්පත් ඇමෙරිකාවට



රුසියාව යුක්‍රේනයට එරෙහිව යුද්ධ කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට විරුද්ධ වීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය රටේ තිබෙන දුර්ලභ ඛණිජ සම්පත් ඇමෙරිකාවට ලබාදීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම යුක්‍රේනයට යුධ ආධාර ලබාදීමට නම් එරට ඇති දුර්ලභ ඛණිජ සම්පත් ඇමෙරිකාවට ලබා දිය යුතු බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේන ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙනවා.

(colombotimes.lk)