26 February 2025


මහජන බැංකුවේ People's Pay Digital Wallet App හරහා Govpay ගෙවීම් කිරීමට අවස්ථාව



දැන් මහජන බැංකුව, Lanka Pay ආයතයනය සමඟ එක්ව ඔබ කැමති ස්ථානයක සිට ඕනෑම වේලාවක රජයේ ආයතන වෙත ගෙවීම් සිදු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

පහත දැක්වෙන පියවරයන් ඔස්සේ People's Pay Digital Wallet App එක හරහා රජයේ ආයතන වෙත පහසුවෙන් ගෙවීම සිදු කරන්න දැන් ඔබටත් පුළුවන්.

ඒ සඳහා පළමුව People's Pay Digital Wallet App එකට Log වෙන්න.

Bill Payment මත Click කරන්න

Pay Fromo Click කර ගෙවීම් සිදු කරන ගිණුම තෝරාගන්න.

Pay To Click කර New Payment Option එක Select කරන්න.

දැන් ඉහළින් පෙන්වන Search Bar එක මත Gov ලෙස Type කරන්න.

එවිට Gov pay ලෙස දිස්වන අතර එය select කරන්න.

එසේ නොමැති නම් ඔබට පුළුවන් තිරයේ දිස්වන list එකෙන් Gov Pay Select කරගන්න.

දැන් ඔබට පෙන්වන පෝරමයේ අදාළ තොරතුරු ඇතුළත් කරන්න.

ආයතන නාමය සඳහන් ස්ථානයෙන් ඔබට අවශ්‍ය ආයතනය Select කරන්න.

සේවා වර්ගය Select කරන්න.

අදාළ යොමු අංකය ඇතුළත් කරන්න.

නැවත වතාවක් යොමු අංකය ඇතුළත් කර තහවුරු කරන්න.

ඔබට ගෙවීමට අවශ්‍ය මුදල ඇතුළත් කරන්න.

සනාථ කිරීම සඳහා යළිත් වරක් එම මුදල ඇතුළත් කරන්න.

ඔබ විසින් මහජන බැංකුව වෙත ලබාදී ඇති ජංගම දුරකථන අංකය, ජාතික හැදුනුම්පත් අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය ස්වයංක්‍රීයට අදාළ ස්ථානයන්වල දිස්වනවා.

එසේ දිස් නොවන්නේ නම් හෝ අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට අවශ්‍ය නම් එම තොරතුරු ඇතුළත් කරන්න.

අමතර විස්තරයක් ඇත්නම් එය Remark තුළ ඇතුළත් කරන්න.

දැන්  Submit මත Click කරන්න.

අදාළ විස්තර නිවැරදි නම් Confirm මත Click කරන්න.

ගෙවීම සිදු කිරීම සඳහා Pay මත Click කරන්න.

ඔබගේ දුරකථනයට ලැබෙන OTP අංකය ඇතුළත් කරන්න.

දැන් ඔබේ බිල්පත ගෙවා අවසන්.

ඔබේ ගෙවීමට අදාළ රිසිට්පත මේ විදිහට තිරයේ දිස්වෙනවා.

එමෙන්ම මෙම ගෙවීමට අදාළව GOV Pay System එකෙන් ලබා දෙන රිසිට්පතද මෙලෙස දැක ගත හැකියි.

ඉතින් මේ විදිහට People's Pay Digital Wallet App එක හරහා Gov Pay තුළින් රජයේ ආයතන වෙත පහසුවෙන් ගෙවීම සිදු කරන්න දැන් ඔබටත් අවස්ථාව හිමි වනවා.

(crictimes.lk)