22 October 2025

logo

ආන්දෝලනාත්මක නිර්වින්දන ඖෂධ දෙක භාවිතයෙන් ඉවතට



ගැටලු රැසක් ඇති වූ ආන්දෝලනාත්මක නිර්වින්දන ඖෂධ දෙක භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

ඒ වෙනුවට වෙනත් නිර්වින්දන ඖෂධයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ. 
 
එම ඖෂධ තොගය හෙට (13) දිවයිනට ලැබෙන බව ද ඔහු ප්‍රකාශ කළා. 
 
පසුගිය කාලයේ අදාළ නිර්වින්දන ඖෂධ භාවිත කර සැත්කම් සිදුකළ කිහිපදෙනෙකු මියයාමත් සමඟ මෙම නිර්වින්දන ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුවුණා.
(colombotimes.lk)