16 September 2025

logo

BMW නවතම මෝටර් රථය හැඩගැන්වීමේ අවස්ථාව කාන්තාවකට



BMW මෝටර් රථ නිෂ්පාදන සමාගම නව මෝටර් රථයක් 2024 වර්ෂයේ දී වෙළඳපොළට එක්කිරීමට නියමිතව තිබෙනවා. 

BMW M Hybrid V8 මාදිලියේ රථයක් මෙසේ නව ආකාරයකින් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමියි. 
 
මෙම රථය විවිධ රටාවලින් හැඩගැන්වුණු රථයක් බව සඳහන්. 
 
මීට පෙර 1975 වර්ෂයේ දී BMW ආයතනය මෙවැනිම රටා සහිත මෝටර් රථයක් නිකුත් කර තිබූ බවයි වාර්තා වන්නේ. 
 
එමෙන්ම ඉතියෝපියානු-ඇමෙරිකානු චිත්‍ර ශිල්පිනියක වන Julie Mehretu හට මෙම රථය රටාවලින් හැඩගැන්වීමට අවස්තාව ලබාදී ඇති බව සඳහන්. 
 
ඒ, ඇයගේ දක්ෂතාවය සහ සිතුවම් පිළිබඳව සැලකිල්ලට ගනිමින් වීම විශේෂත්වයක්.
(colombotimes.lk)