24 January 2026

logo

අයහපත් කාලගුණය සමඟ ඉන්දුනීසියාවේ ඛේදවාචකයක්



ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රදේශයේ පැවති අධික වර්ෂාපතනයත් සමඟ සිදු වූ දැවැන්ත නායයෑමකින් පුද්ගලයන් 07දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නායයෑම හේතුවෙන් තවත් පුද්ගලයන් 82දෙනෙක් අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන් වූවන් සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඉන්දුනීසියානු කාලගුණ බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කළේ බටහිර ජාවා ප්‍රදේශයට සතියක කාලයක් පමණ තද වැසි ඇති විය හැකි බවටයි.

(COLOMBOTIMES.LK)