colombotimes.lk
සිංහල | English

28 April 2024

බදුල්ල ප්‍රධාන මාර්ගය යළිත් වැසෙයි



පවතින අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගල් සමඟ පස් කන්දක් නාය ගොස් තිබෙනවා.

ඊයේ (18) රාත්‍රියේ මෙම නාය යෑම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පස් කන්ද නාය ගොස් ඇත්තේ, බදුල්ල ප්‍රධාන මාර්ගයේ 96 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ පුහුල්පොළ ප්‍රදේශයේදීයි.

නාය යෑම හේතුවෙන් එම ස්ථානයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව සඳහන්.

ඊයේ රාත්‍රියේ සිට මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතර වී ඇති අතර, බදුල්ල දෙසට ගමන් කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස වැලිමඩ පොලීසිය රියදුරන්ට දැනුම් දී තිබෙනවා.

විශාල ගල් මාර්ගයට පතිත වී ඇති නිසා ඒවා ඉවත් කිරීමට යම් කාලයක් ගත වනු ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.
(colombotimes.lk)