23 January 2026

logo

මාස 5ක් තුළ කරච්චි නුවර 328දෙනෙක්ට දිවි අහිමිවෙයි



පාකිස්ථානයේ කරච්චි නුවර සිදු වන රථ වාහන අනතුරු හේතුවෙන් මියයන පුද්ගලයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වසරේ මේ දක්වා  කරච්චි නගරයේ රථ වාහන අනතුරුවලින් පුද්ගල මරණ 328ක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම තවත් 4,600කට වැඩි පිරිසක් රිය අනතුරු හේතුවෙන් තුවාල ලබා තිබෙනවා.
 
(colombotimes.lk)