19 February 2026

logo

ගැරඩිඇල්ල බස් අනතුර ගැන පොලීසියෙන් දැනුම්දීමක්



පසුගියදා කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයක් ප්‍රකාශ කළ නොහැකි බව පොලීසිය පවසනවා.

රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබද කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකින්ම තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි.

මේ අතර එම අනතුරින් මිය ගිය බස් රථ රියදුරුගේ පශ්චාත් මරණ පරීක්ෂයේදී විවෘත තීන්දුවක් ලබාදී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)