22 October 2025

logo

අල්ලස් ගත් ගොවිජන නිලධාරියට ඇප



කුඹුරක් ආශ්‍රිතව ව්‍යාපාර ස්ථානයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටීම සඳහා රුපියල් 25,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි
දෙනියාය ගොවිජන සේවා කාර්යාලයේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරියෙක් ඇපමත මුදාහැරීමට අද (21) නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් රුපියල් ලක්ෂ 05 බැඟින් වූ ශරීර ඇප දෙකක් මතයි.

(colombotimes.lk)