02 May 2026

logo

කංසා ගැන බන්දුලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්



කංසා වගාකිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ, ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වී නොමැති බවයි.

නමුත් ඖෂධීය කංසා වගාකිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව ඊයේ (05) සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, ඩයනා ගමගේ මහත්මිය කැබිනට් ඇමතිවරියක් නොවන අතර ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් වගකීමක් බාරනොගන්නා බවයි.
(colombotimes.lk)