04 July 2025

logo

කවුරු ආණ්ඩු කළත් 2048 වෙනකල් ණය ගෙවමු - බන්දුල කියයි



කුමන ආණ්ඩු රට භාර ගත්ත ද 2048 වසර වන තෙක් මෙරට ණය ගෙවීම් සිදුකළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

මේ අතර අයවැය යෝජනාවලියේ සඳහන් කළ පරිදි ණය සීමාව ඉහළ නැංවීම මගින් රජය ලබාගන්නා ණය ප්‍රමාණය ඉහළ නැංවීමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කියා සිටියා.
(colombotimes.lk)