31 March 2025


බැංකොක් නුවරට හදිසි තත්ත්වයක්



තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් අද (28) දහවල් රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුවූ බවයි.

භූ කම්පනයෙන් මියන්මාරයේ මෙන්ම තායිලන්තයේ බැංකොක් අගනුවරද ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවී තිබෙනවා.

මේ අතර මැන්ඩලේ ගුවන් තොටුපොළේ මගී ජනතාව සහ කාර්ය මණ්ඩලය ඉන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)