බැංකොක් හි ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගයක් කඩා වැටී තිබෙනවා.
මේ හේතුවෙන් අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකුට බරපතල තුවාල සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අනතුරට පත් වූ පුද්ගලයින්ගේ දිවි ගලවා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙය බැංකොක් නගරයේ ඉදිකෙරෙමින් පවතින උසින් වැඩිම අධිවේගී මාර්ගය බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බැංකොක් ආණ්ඩුකාර Chadchart Sittipunt පැවසුවේ, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
(colombotimes.lk)