බංගලාදේශය විසින් ගුවන්යානා ඉන්ධන මිල 79%කින් ඉහළ නංවා තිබෙනවා.
ඒ ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව පවත්වාගෙන යන යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළයාම හේතුවෙන්.
යුද්ධය ආරම්භ වූදා සිට මේ දක්වා බංගලාදේශයේ ගුවන්යානා ඉන්ධන මිල සමස්තයක් ලෙස 111%කින් ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දැනට ලීටරයක මිල ඇමරිකානු ඩොලර් 1.32ක් ලෙස සටහන් වන බවයි.
මෙය මෙම මාසය තුළ මිල වැඩි කළ දෙවන අවස්ථාව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
