13 December 2025

logo

බංගලාදේශ මුදල් නෝට්ටුවලින් ෂෙයික් මුජිබර්ගේ රුව ඉවත් කරයි



බංගලාදේශයේ නිර්මාතෘවරයා මෙන්ම එරට ජාතියේ පියා ලෙසද සැළකෙන ශෙයික් මුජිබර් රහ්මාන්ගේ රුව එරට මුදල් නෝට්ටුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මුද්‍රණය කරන නව නෝට්ටුවල ඔහුගේ රුව ඇතුළත් නොකරන ලෙසට බංගලාදේශ අන්තර්වාර රජය විසින් එරට මහ බැංකුව වෙත උපදෙස් ලබාදී ඇති බවයි.
 
ශෙයික් මුජිබර් රහ්මාන්ගේ දියණිය වන බංගලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පසුගිය ජූලි මාසයේ සිසුන් මූලික කරගත් විරෝධතා හමුවේ ධූරයෙන් පහ කරනු ලැබුවා.

එම විරෝධතාවලදී බංගලාදේශයේ නිර්මාතෘවරයා මෙන්ම එරට ජාතියේ පියා ලෙසද සැළකෙන ශෙයික් මුජිබර් රහ්මාන්ගේ රුව සහිත ස්මාරකද විනාශ කිරීමට විරෝධතාකරුවන් කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මුද්‍රණය කරන නව නෝට්ටු සඳහා ජූලි මාසයේ පැවති විරෝධතාවල දර්ශන ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)