15 July 2025

logo

සැළකිලිමත් වන්න - කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්



තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ එය පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා බලපැවැත්වෙන බවයි. 

එම ප්‍රදේශවල වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 50 - 60ත් අතර වැඩි වෙන අතර මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු ස්වාභාවයක් ගන්නා බව එම නිවේදනයේ සඳහන් වනවා. 

ඒ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්, 



(colombotimes.lk)