භාතිය හස්තියාගේ මරණ පරීක්ෂණය ඊයේ (15) රාත්‍රියේ පෙරාදේණිය පශු වෛද්‍ය පීඨයේ කවින්ද්‍ර විජේසුන්දරගේ ප්‍රධානාත්වයෙන් සිදු කර තිබෙනවා.
එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අධිකරණ තීන්දුවට අනුව භාතියගේ හිස වෙන් කර එය ආරක්ෂිත ස්ථානයක වැළලීමෙන් පසු දින කිහිපයකින් භාතියගේ දළ ගලවා වන ජීවි සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල්ට භාරදීමට නියමිතයි.
ඒ අනුව මහව ප්‍රාදේශිය සභාවේ සහය ඇතුළුව ප්‍රදේශවාසීන්ගේ සෝ සුසුම් මැද භාතියගේ අවසන් කටයුතු සිදු කර තිබෙනවා.
(colombotimes.lk)