ලොව පුරා දරුණු උෂ්ණාධික කාලගුණික තත්ත්වයක් ඇති කිරීමට බලපාන එල්නිනෝ තත්ත්වයේ වර්ධනය මේ වන විට ආරම්භ වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් නිරිතදිග ප්‍රදේශයේ වර්ෂාපතනයද අඩු වී ඇති බවයි.
එමෙන්ම පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය එළඹෙන ජූලි මාසයේ සිට අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
මෙම තත්ත්වයට මුහුණදීම සඳහා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)
