12 June 2026

logo

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට ඇප



දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා ඇප මත මුදා හැරීමට අද (12) නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
 
අල්ලස් කොමිසම සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට අධිකරණය නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවට ද නියම කර තිබෙනවා.

(colombotimes.lk)