ලෝක පාපන්දු ලෝලීන්ගේ දැඩි අවධානය දිනාගනිමින් 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඊයේ (11) නිල වශයෙන් ආරම්භ වුණා.
එහි සමාරම්භක තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ගෝල 2-0ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට මෙක්සිකෝ කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඒ පාපන්දු ලෝක කුසලාන තරගාවලි 3ක් සඳහා දායකත්වය ලබාදුන් එස්ටාඩිඕ අස්ටෙකා ක්‍රීඩාංගණයේදීයි.
මෙම තරගයේදී මෙක්සිකෝව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට ජූලියන් ක්විනෝන්ස් සමත් වුණා.
ඒ අනුව පළමු අර්ධය අවසන් වුණේ ගෝල 1-0ක් ලෙස මෙක්සිකෝව පෙරමුණ ගනිමින්.
දෙවැනි අර්ධයේදී විශිෂ්ට දස්කම් දැක්වූ මෙක්සිකෝ ක්‍රිඩකයන් තරගයේ 67වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් රැස් කළා.
ඒ අනුව නියමිත කාලය අවසානයේ දකුණු අප්‍රිකාවට එරෙහිව ගෝල 2-0ක ජයක් හිමිකර ගනිමින් මෙක්සිකෝව මෙවර ලෝක කුසලානයේ පළමු ජය වාර්තා කිරීමට සමත්වුණා.
තරගය පුරා දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූ අතර රතු කාඩ්පත් 3ක්ම නිකුත් කිරීමට විනිසුරුවරයාට සිදුවීම විශේෂත්වයක්.
දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ මෙක්සිකෝ නායකයාට මෙලෙස රතු කාඩ්පත් ලබා පිටියෙන් ඉවත් කිරීමට කටයතු කර ඇති බයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
