සත්කාරක කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පළමු T20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක පරාජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.
Kingstonහී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවි රැස් කිරීමට අවස්ථාව ලැබුණේ ලකුණු 147ක් පමණයි.
එහිදී කණ්ඩායමේ උප නායක කමිඳු මෙන්ඩිස් පන්දු 39කින් ලකුණු 51ක් සහ නායක කුසල් මෙන්ඩිස් පන්දු 23කින් ලකුණු 36ක් රැස් කිරීමට සමත්වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට අවසන් මොහොත දක්වාම තරගයේ ජය තමන් සතු කර ගැනීමට නොහැකි වුණා.
කෙසේ වෙතත් ඉනිම අවසන් වීමට තවත් පන්දු 4ක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 3ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට කොදෙව් කණ්ඩායම සමත්වුණා.
පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 32කට කඩුලු 2ක් සහ එශාන් මාලිංග ලකුණු 26ට කඩුලු 1ක් බිඳ දැමුවා.
ඒ අනුව දෙරට අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය තරග 1 - 0ක් ලෙස මේ වන විට කොදේ කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.
(COLOMBOTIMES.LK)
