කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඊයේ (11) රාත්‍රියේ ඕස්ට්‍රේලියාව බලා ගමන් කළ ගුවන්යානයක් හදිසියේ ගොඩබස්වා තිබෙනවා.
ශ්‍රීලන්කන් සමාගම සඳහන් කළේ යානයේ එන්ජිමට අකුණු සැර වැදීමක් හේතුවෙන් මෙම ගොඩබැස්වීම සිදුකළ බවයි.
අනතුරුව වෙනත් ගුවන්යානයක් මඟින් එහි සිටි මගීන් ඕස්ට්‍රේලියාව බලා පිටත් කළ අතර මේ හේතුවෙන් පැය 05කට අධික කාලයක් ගමන ප්‍රමාද වී තිබෙනවා.
ශ්‍රීලන්කන් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිද්ධියෙන් කිසිඳු මගියෙක්ට හෝ යානයට අනතුරක් නොමැති බවයි.
(colombotimes.lk)
