14 January 2026

logo

ගෝලීය රෝග මර්ධනයට බිල් ගේට්ස්ගෙන් මිලියන ගණනක මුදලක්



ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව ආදී රෝග මර්දනය සඳහා වන ගෝලීය අරමුදලට මිලියන 912ක් ලබාදෙන බව සුප්‍රකට ධනපති බිල් ගේට්ස් පවසනවා.

ඒ රටවල් කිහිපයක් ගෝලීය සෞඛ්‍ය සඳහා වන අරමුදල් කප්පාදු කර ඇති පසුබිමකයි.

එම අරමුදල් කප්පාදු අවලංගු කරන ලෙස ද ඔහු රජයන්ගෙන් ඉල්ලා තිබෙනවා. 

ඔහු කියා සිටියේ අරමුදල් අධික ලෙස පහත වැටුණහොත් ගෝලීය රෝග හේතුවෙන් මිලියන ගණනක් දරුවන් මියයාමේ අවදානමක් ඇති බවයි.


(colombotimes.lk)