ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් මෙම පනත් කෙටුම්පත අද (07) උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පසුගිය දෙසැම්බර් 26වනදා ගැසට් කර තිබුණා.
(colombotimes.lk)
