09 January 2026

logo

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉහළට



ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2025 දෙසැම්බර් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,825ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව මෙය 2025 නොවැම්බර් මාසය අවසානයේදී වාර්තා වූ ඩොලර් මිලියන 6,034ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේදී 13.1%ක ඉහළයාමක් පෙන්නුම් කර තිබෙන බවයි සඳහන් වන්නේ. 

මේ අතර සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2025 නොවැම්බර් මාසයේ පැවති ඩොලර් මිලියන 5,944 සිට ඩොලර් මිලියන 6,734ක් දක්වා 13.3%කින් පසුගිය 2025 දෙසැම්බර් මාසය තුළදී ඉහළ ගොස් තිබෙනවා. 

(colombotimes.lk)