ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු T20 තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට පාකිස්ථාන කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාකනයේ පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථානය පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 128ක් පමණයි.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාබියා වූ ජනිත් ලියනගේ පන්දු 31කින් ලකුණු 40ක් රැස් කළා.
ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය පාකිස්ථානය කඩුලු 4ක් පමණක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
(colombotimes.lk)
