09 January 2026

logo

ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයට පහසු ඉලක්කයක්



පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු T20 තරගය මේ වන විට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 128ක් රැස් කරගත්තා.

මෙහිදී පාකිස්ථාන පන්දු යවන්නන් හමුවේ ජනිත් ලියනගේ හැරුණුවිට අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 20ක් හෝ ලබා ගැනීමට නොහැකි වුණා.

ඒ අනුව ජනිත් ලියනගේ පන්දු 31ක් තුළ ලකුණු 40ක් රැස් කළා.

ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් පාකිස්ථාන කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 129ක්.

(colombotimes.lk)