30 May 2026

logo

පාකිස්ථානයට බෝම්බ ප්‍රහාරයක්



පාකිස්ථානයේ වයඹදිග මායිම් පළාතේ කයිබර් පක්තුන්ක්වාහි ආරක්ෂක කඳවුරකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් පුද්ගලයන් 12දෙනෙක් පමණ මියගොස් ඇති බවයි.

එමෙන්ම එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 30දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

පාකිස්ථාන තලේබාන් සංවිධානයට අනුබද්ධ ජයිෂ් අල්-ෆර්සාන් නම් කණ්ඩායම මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)