17 December 2025

logo

බ්‍රසීලය පොදු ප්‍රවාහනයට අහස යොදා ගනී



බ්‍රසීලියානු ගුවන් යානා නිෂ්පාදකයෙකු වන එම්බ්‍රේර් සමාගම 2026 දී විශේෂ ව්‍යාපෘතියක් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. 

ඒ අනුව අහසේ ගමන් කරන විදුලියෙන් පණ ගැන්වෙන එයාර් ටැක්සි නිෂ්පාදනය කිරීම සඳහා නව කර්මාන්ත ශාලාවක් ඉදිකරන බවයි ඔවුන් සඳහන් කළේ. 
 
එම යානාවේ මගින් 6 දෙනෙකුට ගමන් කිරීමට හැකියාව ලබාදෙන බවද සඳහන්. 
 
මෙය යානය හැඩයෙන් කුඩා හෙලිකොප්ටරයකට සමානකම් දැක්වීම විශේෂත්වයක්. 
 
මෙහි ගමන් කිරීම සඳහා එක් පුද්ගලයෙකුට ඩොලර් 50-100 (£39-£78) වැය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. 
 
එමෙන්ම දැනටමත් එයාර් ටැක්සි 3,000 කට ආසන්න ප්‍රමාණයක් සඳහා ඇණවුම් ලැබී ඇති බවද එම ආයතනය පවසනවා. 
 
ඒ සඳහා අවශ්‍ය වන මූලාකෘතිය මෙම වසර තුළදී නිර්මාණය කර අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. 
 
එහිදී පළමු ගුවන් ගමන් සඳහා නියමුවෙකු සිටින නමුත් පසුව ස්වයං නියමු වාහනයක් නිකුත් කිරීම ද සමාගම සැලසුම් කර තිබෙනවා.
(colombotimes.lk)