14 March 2025


බුද්ධ රශ්මි වෙසක් කලාපය මැයි 13වනදා ඇරඹෙයි



කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව වෙසක් උත්සවයට සමගාමීව සංවිධානය කරන 'බුද්ධ රශ්මි වෙසක් කලාපය' පිළිබදව සාකච්ඡාවක් ඊයේ (12) පවත්වා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රීගේ ප්‍රධානත්වයෙන්.

'බුද්ධ රශ්මි වෙසක් කලාපය 2025' මැයි 13වනදා සිට දින 4ක් පැවැත්වීමට නියමිතයි.

හුණුපිටිය ගංගාරාම විහාරය, අරලියගහ මන්දිර පරිශ්‍රය,පෙරහැර මාවත සහ බේරේ වැව ආශ්‍රිතව වෙසක් කලාපය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙහිදී ත්‍රිවිධ හමුදාව, පාසල් දරුවන් , විශ්ව විද්‍යාල සිසුන්,රාජ්‍ය ආයතන හා බන්ධනාගාර රැදවියන් විසින් වෙසක් සැරසිලි, වෙසක් තොරණ හා කූඩු ප්‍රදර්ශන පවත්වනවා.
 
මීට සමගාමීව රජයේ පාසල්වල සහ රාජ්‍ය ආයතනවල විශේෂ ආගමික වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමටද අවධානය යොමු වුණා.

(colombotimes.lk)