30 May 2026

logo

බස් රථ අනතුරක් - පාසල් ළමුන් 34ක් රෝහලට



බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද (28) උදෑසන අනතුරට පත්වී තිබෙනවා.

ඒ රාණිකාඩුව බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේදීයි.

එම අනතුරින් බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 34දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

(colombotimes.lk)