01. බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට
කළුතර බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියෙක්ට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබාදීම සඳහා කාන්තාවකට ආධාර අනුබල දුන්බව කියන බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කළුතර උතුර පොලීසිය විසින්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන ජේලර්වරයෙක් බව පොලීසිය සඳහන් කළා.
පානදුර, හිරණ ප්‍රදේශයේ කාන්තාවක් පසුගිය දිනක කළුතර බන්ධනාගාරයේ රැඳවියෙක්ට අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් සහ ජංගම දුරකථනයක් ලබාදීම සඳහා සූදානම්වීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකාර ජේලර්වරයා රුපියල් 35,000ක මුදලක් ලබාගෙන ඇති බවට හෙළි වූ බවයි.
02. සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරිය සඳහන් කළේ මෙම මාසයේ මුල් දින 15 තුළදී පමණක් සංචාරකයන් 75,657ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවයි.
ඒ සමඟ මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,801,151ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දිවයිනට පැමිණි සංචාරකයන්ගෙන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ආසන්නයටම පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඉන්දියාවෙන් මේ දක්වා සංචාරකයන් 396,274ක් මෙරටට පැමිණ තිබෙනවා.
03. රට රස්සාවලට යන අයට අඩු මිලට ගුවන් ටිකට්පත්
විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිළිවෙළට අනුව සහනදායි මිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ කවුළුවක්
නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේදී විවෘත කර තිබෙනවා.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් මෙම කවුළුව විවෘත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙහිදී සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීම සිදු කරන අතර ලොව ඕනැම රටක විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලු ශ්‍රමිකයන්ට මෙහිදී අඩුමිලට ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට හැකියාව පවතිනවා.
04. රන් මිලෙහි වෙනසක්
මෙරට රත්‍රං මිල ඊයේ (17) දිනට සාපේක්ෂව රුපියල් 20,000කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (18) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි 'කැරට් 22' රන් පවුමක මිල රුපියල් 360,800ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එය ඊයේ (17) දිනයේදී සටහන් වුණේ රුපියල් 379,200ක් ලෙසයි.
මේ අතර ඊයේ (17) දිනයේදී රුපියල් 410,000ක් ලෙස පැවති 'කැරට් 24' රන් පවුමක මිල අද (18) වන විට රු. 390,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ සඳහන් කළා.
05. බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරු යෝර්ක් ආදිපාද පදවිය අත්හරියි
බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරු යෝර්ක් ආදිපාද පදවිය අතහැර තිබෙනවා.
ඒ යම් පුද්ගලයෙක් සමඟ පවතින සබඳතාවක් සම්බන්ධයෙන් ඔහුට එල්ල වූ චෝදනා හේතුවෙන්.
රජ පවුලෙන් හිමි වූ පදවිය හෝ ගෞරව නාම තවදුරටත් භාවිත නොකරන බව ඇන්ඩෘ කුමරු නිවේදනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ චාල්ස් රජු සහ වේල්සයේ විලියම් කුමරුට ඔහු ඒ පිළිබඳව දැනුම්දී තිබෙන බවයි.
එළිසබෙත් රැජිණගේ දෙවන දරුවා වන ඇන්ඩෘ කුමරු මින් ඉදිරියට කිසිදු රාජකීය උත්සවයකට සහභාගී නොවන බවටද නිවේදනය කර තිබෙනවා.
(colombotimes.lk)