colombotimes.lk
සිංහල | English

02 May 2024

විදුලි බිල්පත් ගෙවීමට නව පහසු ක්‍රම රැසක්



පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් ගෙවීම සඳහා නව ක්‍රමවේද කිහිපයක් හඳුන්වාදීමට, ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, ලංවිම විසින් CEB Care යෙදුම, අන්තර්ජාල බැංකු සේවා, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හරහා, ලංවිම නිල වෙබ් අඩවිය (ceb.lk) හරහා, බැංකු KIOSK යන්ත්‍ර, සුපිරි වෙළඳසැල් හරහා සහ mCash හරහා අදාළ ගෙවීම් සිදු කළ හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසන්නේ.
 
මේ සම්බන්ධයෙන් මතුවන ගැටලු සම්බන්ධයෙන් 1987 දුරකථන අංකයට අමතා තම පැමිණිලි ඉදිරිපත් කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)
May be an image of text that says