පාසල් බස් රථයක් සහ ටිපර් රථයක එකිනෙක ගැටීමෙන් අද (22) අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ හැටන් - බගවන්තලාව මාර්ගයේ නෝර්වුඩ් වෙන්චර් වත්ත ප්‍රදේශයේදීයි.
එම අනතුරින් තුවාල ලබා පාසල් සිසුවෙක් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම අනතුරින් බස් රථයට සහ ටිපර් රථයට බරපතළ හානි සිදුවී ඇති බවයි.
(colombotimes.lk)
