22 May 2026

logo

අධිවේගයේ ගමන් ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක්



දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගවල වාහන ධාවනය කිරීමේදී විද්‍යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

එම අධිකාරිය සඳහන් කළේ වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ධාවනය කරන ලෙසයි.

එමෙන්ම විශේෂයෙන් පැයට කිලෝමීටර 60 වේගසීමාවේ ධාවනයේ යෙදෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

එම අධිකාරිය රියදුරන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටින්නේ වාහන 02ක් අතර පරතරය තබාගන්නා ලෙසත් එකවරම තිරිංග භාවිතයේදී අනතුරුදායක ලෙස ලිස්සා යා හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි.

(colombotimes.lk)