අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ මහලේකම් Shirley Ayorkor Botchwey හමුවී තිබෙනවා.
ඒ 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් පාලක මණ්ඩලයේ 43වන රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරිය එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර සිදුකරන ලද නිල සංචාරය අතරතුර ලන්ඩනයේ මාල්බරෝ මන්දිරයේදීයි.
අග්‍රාමාත්‍යවරිය මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලීය රාමුව තුළ දෙපාර්ශවය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
