22 May 2026

logo

සජිත් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි



ශ්‍රී ලංකා රුපියල දැඩි පීඩනයකට ලක්ව ඇති බවත් එය විසඳීමට රජයට පැහැදිලි සැලැස්මක් හෝ පිළිතුරක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සිය X ගිණුමේ සටහනක් තබමින්.

රටේ පවතින අර්බුධකාරී තත්ත්වය පිළිබඳව හඳිසි පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස ඉල්ලමින් තමන් සහ අනෙකුත් පක්ෂ නායකයන් කථානායකවරයා හමුවූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ජනතාවට අවංකභාවය සහ පවතින තත්ත්වය තවදුරටත් නරක අතට හැරීමට පෙර වහාම ක්‍රියාත්මක විය යුතු බවද ඔහු එම සටහන මඟින් අවධානය කර තිබෙනවා.

(colombotimes.lk)