උතුරු දුම්රිය මාර්ගයේ පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු ඉන්දියානු ආධාර යටතේ අද (11) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ලබන 19වනදා සිට මහව සිට ඕමන්ත දක්වා දුම්රිය ගමනාගමනය සීමා කරන බවයි වාර්තා වන්නේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් ඉන්දියාවෙන් ලබාදෙන ආධාර මුදලින් ඩොලර් මිලියන 05ක් වැය වන බව ඇස්තමේන්තු ගත කර ඇති බවයි.
(colombotimes.lk)
