13 September 2025

logo

ගම්මන්පිල අත්අඩංගුවට ගන්නවාද ? නැද්ද ? - තීරණය මෙන්න



හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා. 

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවත් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ. 

එම අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් තීරණයක් ගෙන නොමැති බවයි. 

එමෙන්ම විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බවත් අවසන් තීන්දුවක් ගන්නේ ඉන් පසුව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

ඒ අනුව එම පෙත්සම සලකා බැලීම එළඹෙන 17වනදා දක්වා කල්දමා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)